ශාන්ත ජොආන් ඩි ආර්ක් 👉 St, Joan of Arc - English ⦁ වර්ෂ 1412 ජනවාරි මස 6 වන දින උපත ලද ජොආනා ඩි ආර්ක් දුටූවන් වසඟ කරවන රූ සපුවකින් හෙබි තැනැත්තියක වූවාය. ⦁ ජොආනා දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. ⦁ ප්‍රංශ රාජ්‍යයට අය් මියුස් ගඟේ, ෂැම්පේන් නම් සුන්දර පළාතේ ඩොමරි නම් කුඩා ගම්මානය ඇගේ උපන් බිමයි. ⦁ දිළිදු වුවද, ගුණධර්මයෙන් පොහොසත්, මාපිය යුවලකගෙන් උපත ලද ඇය, කුඩා කළ ඉතා කීකරු දියණියක් වූවාය. ⦁ දුගී බව නිසා ලිවීමට, කියවීමට හැකියාවක් නොමැති වුවත් ඉවුම් පිහුම්, මැහුම්ගෙතුම්, නූල් කැටීම් ආදී ගේදොර වැඩ කටයුතු වලට මනා සේ හැකියාවක් ජොආනාට තිබුණි. ⦁ ජොආනා ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ දින සිට ගම්වාසින්ට මහත් ආලෝකයක් විය. ⦁ නිවසේහි වැඩ කටයුතු අවසන් කළ ජොආනාගේ ප්‍රියතම කාර්යය වූයේ අසල තිබූ දෙව්මැදුරට ගොස් තනිවම දෙවිඳුන් යැදීමයි. ⦁ දිනපතා දිව්‍ය පූජා යාගයට සහභාගි වී දෙවිඳුන් ලැබීමට ඇය මහත් සේ ප්‍රිය කළාය. ⦁ යාචිඤාවේ ජීවිතයට කෙතරම් කාලය යෙදවූවද, පියාට උදව් කිරීමට මැලි නොවූ ඇය ගෙවත්තෙහි වැඩ, බැටළුවන් හා එළුවන් බලා ගැනීම වැනි කටයුතුද සතුටින් ඉටු කළ