Skip to main content

ශාන්ත ජොආන් ඩි ආර්ක් / St. Joan of Arc


ශාන්ත ජොආන් ඩි ආර්ක්

වර්ෂ 1412 ජනවාරි මස 6 වන දින උපත ලද ජොආනා ඩි ආර්ක් දුටූවන් වසඟ කරවන


රූ සපුවකින් හෙබි තැනැත්තියක වූවාය.  

ජොආනා දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. 

ප්‍රංශ රාජ්‍යයට අය් මියුස් ගඟේ, ෂැම්පේන් නම් සුන්දර පළාතේ ඩොමරි නම් කුඩා ගම්මානය      ඇගේ උපන් බිමයි.

දිළිදු වුවද, ගුණධර්මයෙන් පොහොසත්, මාපිය යුවලකගෙන් උපත ලද ඇය, කුඩා කළ ඉතා කීකරු දියණියක් වූවාය. 

දුගී බව නිසා ලිවීමට, කියවීමට හැකියාවක් නොමැති වුවත් ඉවුම් පිහුම්, මැහුම්ගෙතුම්, නූල් කැටීම් ආදී ගේදොර වැඩ කටයුතු වලට මනා සේ හැකියාවක් ජොආනාට තිබුණි. 

ජොආනා ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ දින සිට ගම්වාසින්ට මහත් ආලෝකයක් විය.

නිවසේහි වැඩ කටයුතු අවසන් කළ ජොආනාගේ ප්‍රියතම කාර්යය වූයේ අසල තිබූ දෙව්මැදුරට ගොස් තනිවම දෙවිඳුන් යැදීමයි.

දිනපතා දිව්‍ය පූජා යාගයට සහභාගි වී දෙවිඳුන් ලැබීමට ඇය මහත් සේ ප්‍රිය කළාය.

යාචිඤාවේ ජීවිතයට කෙතරම් කාලය යෙදවූවද, පියාට උදව් කිරීමට මැලි නොවූ ඇය ගෙවත්තෙහි වැඩ, බැටළුවන් හා එළුවන් බලා ගැනීම වැනි කටයුතුද සතුටින් ඉටු කළාය. 

ඇයගේ නිවසට දිළින්දන් ආ කළ, දීමට මුදල් නොමැති නම් තම ආහාර පවා ඔවුනට දීමට තරම් ඇය කාරුණික වූවාය. 

මේ අතරතුර ප්‍රංශයේ රජු වන 6 වන චාල්ස් උතුමන් රාජ්‍ය පාලනයට සමුදුන් අතර, ප්‍රංශ ජාතිකයන් හා අතර යුද්ධයක් පැන නැගුණි. 

මෙයට හේතු වූයේ දෙපාර්ශවය අතර වු ගිවිසුමක් කඩවීම වූ අතර ප්‍රංශ රජ කුමරුන්ගේ අභිසෙස් ලැබීමට ප්‍රථම සටන ඇරඹුණි. 

ඉංග්‍රීසී ජාතිකයන් රට තුළට පැමිණෙන විට ප්‍රංශ ජාතිකයන් දෙව්මැදුර තුළට වී ශෝකයෙන් දෙවිදුන් යදිමින් සිටියෝය.  

දිනක් ජොආනා යාච්ඤාවේ නිරතව සිටින විට “ජොආනා” යනුවෙන් අමතන හඬක් ඇයට අසුනාය. 

එවිටම මනා  රූපයෙන් හා තේජසින් පිරි දේව දූතයෙකු ද ශුද්ධවූ කතරිනා හා ශුද්ධවූ මර්ගරීතා යන මුණිවරියන්ද මහත් දේවදූත පිරිසක් සමඟින් ඇය ඉදිරිපිට පෙනී සිටියෝය.

“ ඔබ යහපත් දැරියක් වන්න, දෙවිඳුන්ට ප්‍රේමයෙන්ද, දිව්‍ය පූජාවට සහභාගි වීමෙන්ද නිතර නිතර  දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමෙන්ද පිරිසිදුකම සහ වෘත්ත ශුද්ධිය ආරක්ෂා කරගනිමින් සිටින්න, යැයි පවසා දේවදූතයින් පිරිස  අතුරුදහන් විය. 

ජොආනා නිවසෙහි වැඩ කරන විට හා බැටළු රැළ බලා ගන්නා විට මෙම දසුන කිහිප වරක් ම අයට පෙනුනාය. ඇය ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පූර්ණ වී දිවි තිබෙන තුරා පවිත්‍රව සිටීමට පොරොන්දු වූවාය.

එලෙසම සියළු ලෞකික ආශාවන්ගෙන් මිදී දෙවිඳුන් මත යැපීමට  පමණක් වූ ආශාව ජොආනා තුළ ඉතිරි විය.

යලිත් වරක් මිඛායෙල් දේවදූතයා දර්ශනය වී “ප්‍රංශ රාජ්‍යයේ රැකවලා වූ මිඛායෙල් නම් අග්‍රදූතයා මමයි” වදාළ විට, ක්ෂනයකින් ඇය දේවදූතයා  ඉදිරියේ දණින් වැටුණාය.

“ප්‍රංශ රාජ්‍යයට පැමිණ තිබෙන විපතින් රජුන් හා රට වැසියන් හා රට ගලවා ගැනීමට දෙවිඳුන්ගේ තේරීම ඔබයි,එමනිසා ඉංග්‍රීසීන්ට එරෙහිව සටනට යන්න” යැයි මිඛායෙල් දේවදූතයා ජොආනාට පැවසිය. 

මෙය ඇසූ ජොආනා බියෙන් සලිත වී, හඬා වැළපි, “ මම දිළිඳු නූගත් තැනැත්තියක්මි, යුද වදිනවා තබා අසකු පිට යාමටවත් නොදනිමි. මා කෙළෙස මෙයට මුහුණ දෙනේනේදැයි පැවසුවාය. 

එවිට මිඛායෙල් දූතයා “දෙවිදුන්ගේ දියෙණියෙනී, බිය නොවන්න, දේව කැමැත්ත ලෙස ඔබ යන්න, දෙවිඳුන්ගේ බලයෙන් ඔබ සතුරන් පරදා ජය ගන්නේය” යයි පවසා අතුරුදහන් විය. 

දේව අභිමතය පිළිගත්තද, ආදර දෙමාපියන් සොයුරු සොයුරියන් ඥාතීන් සහ උපන්ගම අත් හැරීමට සි'දුවීම ජොආනා ගේ ශෝකයට හේතු වුවාය. ඉන්පසු, ජොආනා සිය මාමා කැටුව වෝකුලර් නගරයේ ජීවත්වූ බෝද්‍රිකුර් නම් චාල්ස් කුමරුගේ සෙන්පති වෙත ගියාය. 

සෙන්පති හමුවූ ජොආනා “ ප්‍රංශයට පැමිණ සිටින සතුරු ඉංග්‍රීසින් හා යුද වැදී ඔවුන් පරදා, ප්‍රංශ කුමරුට කිරුළ පැළඳවීමට  සමිඳුන් මට අණ කර ඇත”යයි පැවසුවාය. 

ඇගේ සිහිවිකල් වී ඇතැයි සැක කළ සෙන්පතියා ඇය පලවා හැරියේය.

ඉන් පසුනොබැසු ඇය සෙන්පතිගේ සිත වෙනස් වී රජ කුමරු අභියසට යාමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා දෙව් මැදුරට ගොස් දෙවිඳුන් යැදීය. 

පසුව  ඇය ඔහු හමුවේ 1429 පෙබරවාරි 17  දින ප්‍රංශයේ  ඔර්ලියන්ස් නගරය සමීපයේ පරාජය පිළිබඳ දිවැසින් පැවසුවාය.

මෙම අනාගත වාක්‍යය ඉටුවීම, සෙන්පතිගේ සිත් හැරිමකට හේතුවූයේය.

පසුව ඔහු චිකෝන් නගරයේ වැඩහුන් චාල්ස් කුමරු වෙත යාමට  ජොආනාට අවසර දී ඇගේ සහයට අශ්වයෙකු සහ සෙබලුන් තිදෙනෙකුද සපයා දුන්නේය.

රාජකුමරුද ජොආනා සතු බලය විමසනු පිණිස රාජ සේවක ලෙසින් සැරසි සිටියේය.

කිසි දිනෙක රජ කුමරුන් දැක නොතිබුණු ජොආනා නියම රජ කුමරා ඉදිරියේ දණ නමා “මහා රජාණනී! දෙවිඳුන් ඔබට දිගාසිරි දෙන සේක්වා” යයි කීවාය. 

චාල්ස් කුමරු ඇයව පරික්ෂණය කරන අදහසින් වෙනත් අයෙකු පෙන්වා “මේ රජකුමරායා” යැයි ක්ිවේය.

ජොආනා ඊට පිළිතුරු ලෙස “ චාල්ස් කුමරු ඔබ මිස වෙන අයෙකු නොවේ, ඉංග්‍රීසින් පරදවා රිම්ස් නුවරදී ඔබතුමාට කිරුළ පැළඳවීමට සමිදාණන් මා තෝරා ගෙන එවා ඇත” යැයි කීවාය. 

තවද ඇය  රජ මැදුරට එන විට, මුර හේවායෙකු “ නුඹේ දෙවියන්ට සටනට එවන්නට ඉන්නේ ගැහැණු පමණක්ද” යයි ඇසීය.

එහෙත් ජොආනා එයට කෝප නොවී “ දෙවි'ඳුන්ට අවමන් නොකරන්න. දේව විනිශ්චයෙහි සියල්ල බියකරු බව ඔබ නොදනීද” යනුවෙන් ඇසුවාය. 

පසුව මෙම අවිනීත සේවකයා රජමැදුර අසබඩ ගඟෙහි නෑමට ගොස් ජීවිතක්ෂ වූවේය. 

මෙම සිදුවීම සලකා බැලු රජකුමරු,ජොආනා යනු දෙවිඳුන් විසින්  එවන ලද තැනැත්තියක ලෙස පිළිගත්තේය.

යුද වැදීම පිණිස, චාල්ස් කුමරු ජොආනාට හොඳ අසෙකු සහ ධවල පැහැ වස්ත්‍රයක් තෑගි කළේය.

නමුත් කුමරුගෙන් ලැබුනු කඩුව ප්‍රතික්ෂේප කළ ඇය, පියෙර්බුවා නම් ගමේ ශුද්ධවූ කැතරින් තුමියට කැප කළ දෙව්මැදුරේ අල්තාරය අසල වලලා තිබු පැරණි කඩුව ගෙන සටනට යා යුතු බව දේව දූතයා තමාට දැන්වූ බව පැවසුවාය.

ඇය පැවසූ ලෙසම එම  ස්ථානයේ තිබී මළ සහිත කඩුවක් හමුවිය. 

දෙව් මැදුර බාරව හුන් පියතුමන් කඩුව පිරිසිදු කිරීමට අතට ගත් විගස මළකඩ ඉවත් වී කැඩපතක් මෙන් කඩුව දිලිසෙන්නට විය.

ජොආනා ප්‍රංශ යුධ භටයන් හට පාපොච්චාරණය කර දීව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට නියම කළාය.

ඇය ඔවුන් හට මත්පැන් බීම සහ අසභ්‍ය වචන කීම තහනම් කළාය.

ජොආනා දේව අනුග්‍රහය ලැබීමට පෙර නිහඬ, බියගුළු තැනැත්තියක් විය.

නමුත් ශුද්ධාත්මාලෝකයෙන් පූර්ණවු ඇය තේජසින් සැරසී, අවිදරා, ධජය අතින් ගෙන අසුපිට නැගී සේනා මෙහෙයවමින් ඔර්ලියන්ස් නුවරට පිටත් වුවාය.

මේ වන විට ඉංග්‍රීසින් නුවර වටලා, ආහාරපාන සැපයුමට බාධා කළ හෙයින් , සාගින්න තදින් බලපෑ ප්‍රංශ ජාතිහු සිය නගර ඉංග්‍රීසීන්ට පාවා දීමට ලෑස්ති වූවෝය.

එහෙත් ජොආනාගේ නාකත්වය සමඟ ප්‍රංශ සේනාවේ හදිසි පැමිණීම ඉංග්‍රීසින්ට බිය ජනක අත්දැකීමක් විය. 

නොකඩවා ප්‍රංශ සේනාවෙන් පහර ලැබූ ඉංග්‍රීසින් පසුබැස දිව ගියෝය.

සටනින් ජයගත් ජොහානා ප්‍රමුඛ ප්‍රංශ සේනාව ඉමහත් ජයශ්‍රීයෙන් ඔර්ලියන්ස් නුවරට ඇතුළු විය. 

නොකඩවා වැඩිවන පිරිස් බලය සමගින් ඉදිරියටම ගිය ජොආනා පුමුඛ ප්‍රංශ සේනාව අවසානයේදී රිම්ස් නුවරද ජයගත්හ.

නගරවාසීහු මහත් සතුටින් ඉපිල, ජයහඬ නගමින්, දේව ප්‍රශංසාව මැද ජය ගෙන, ජොආනාව පිළිගත්හ.

මෙලෙස රිම්ස් නුවර පැරණි සිරිත අනුව ආසන දෙව්මැදුරේ අගරදගුරුතුමන් අතින් රජ කුමරු 7 වන චාල්ස් රජු ලෙස කිරුළු පැළැන්දේය.

මෙදින ජොආනා පූජාසනයේ අල්තාරය අභියස සිට දෙවිඳුන්ට තුති පිදුවාය.

දේව කාර්යය අවසන් වී යයි සිතූ ජොආනා යලි මාපියන් බැලිමට සිය නිවස බලා යාමට රජුගෙන් අවසර ඉල්ලිය.

එහෙත් සතුරු ඉංග්‍රීසීන් සමහරක් තවමත් ප්‍රංශ රාජ්‍යය තුළ රැඳි සිටි නිසා රජතුමා ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

1430 වර්ෂයේ පාස්කු සමයේදී පෙර දුටු ස්වර්ග ත්‍ස්නාව ඇය වෙත දර්ශනය වී මෙසේ පැවසුවෝය,

“ දේව කැමැත්ත ලෙස ඔබ සතුරන් අතට අසුවන්නීය.දේව අභිමතය පරිදි ලැබෙන සියල්ල සතුටින් ඉවසන්න.එහෙත් ඔබ අධෛර්ය නොවන්න” යැයි කියා  ස්වර්ග සේනාව අතුරුදහන් විය. 

පසුව කොම්පියඤ්ඤි  නුවර සතුරු ඉංග්‍රීසීන් විසින් වටලන ලදි.

රජුගේ අණ පරිදි සටනට යන අතරමගදී ජොහානා “ලංජි” නම් ගමෙහි දෙව් මැදුරට ඇතුළු වූවාය.

ඉපදී තෙදිනකට පසු ප්‍රසාද ස්නාපනය නොලබාම මිය ගිය බිළිඳකුගේ මිනිය දෝතින් ගත් මවක් ජොආනා වෙත ආවාය.

මව හඬමින් “ දරුවා ප්‍රසාද ස්නාපනය ලබන තෙක් ජීවත් කර දෙන්න” යැයි ජොආනාගෙන් අයැද සිටියාය.

ජොආනා දෙවිදුන්ට යාච්ඤා කරමින් සිටියදී මළ දරුවා නින්දෙන් අවදි වූවකු මෙන් අත් පා සොලවන්නට විය.

ඉන් සැලසීමක් ලත් ජොආනා දෙව් මැදුරෙන් නික්ම කොම්පිඤ්ඤ නුවර ආවාය.

ඇය ගියෝම් නම් සෙන්පති හා එක්ව සටන් වැද සතුරන් පලවා හැරියාය. 

සිය මුළු සේනාංකයටම යළි නුවරට පැමිණි බව සිතූ සෙන්පති තැන සතුරන් නැවත නොඑන්නට නගර සම්බන්ධ කරන එල්ලෙන දම්වැල් පාලම කඩන්නට අණ දුන්නේය.

එහෙත් ඒ වන විටත් නගරයේ පිටත සිට ජොආනා ඇතුළුව සේනාවේ තවත් පිරිසක් කැඩුණු පාලමෙන් නගරයට ඇතුළු වීමට නොහැකිව සතුරන් අතට අසුවූවෝය.

සතුරෝ ජොආනාව අසු පිටින් බිම හෙළා පහරදී අතපය විලංගු දමා රැකවල් කළෝය. 

මෙලෙස ඉංග්‍රීසීන්ට ගැති ලක්සම්බර්ග් හි සිටුකුමරුට අසුවූ ජොආනාව රන් පවුම් 22,000ක් දී ඉංග්‍රීසීන් විසින් මිලයට ගනු ලැබුවෝය.

ඇය රුබන් නගරය වෙත ගෙන ගිය ඉංග්‍රීසිීන් එහි බලකොටුවක සිරකූුඩුවක තබා ඇයව මුර කළහ.

ඔවුහු ජොආනාගේ අත්පා විලංගු දමා, ඉරියව් මාරු කිරීමට නොහැකි සේ යකඩ පොල්ලක බැද, ඇයව රැකවල් කිරීමට අවිනීත,දුෂ්ඨ හේවායන් යෙදවූවෝය.

ජොආනා යුද බිමට එනවිට ඉංග්‍රීසි සේනාවේ ධෛර්ය හීනවීම හා බිය ඇතිවීම නිසා ඇය වෙත රහස් බලයක් ඇතැයි සිතූ ඉංග්‍රීසිහු ඇය මරා දැමීමට තීරණය කළෝය.

එමනිසා ඔවුන් ජොආනාට විරුද්ධව බොරු නඩුවක් විභාග කළෝය.

එහෙත් ජූරි සභාව ඉදිරියේදී ජෝනා නොබියව පිලිතුරු දුන්නාය. 

තවද ඇය “ වසරක් ගෙවන්නට පෙර ඉංග්‍රීසි සේනාව ඔර්ලියන්ස් නුවර කලින් ලත් පරාජය වඩා විශාල පරාජයක් ඔබලාට හිමිවන්නේය” යැයි දිවැසින් පැවසුවාය. 

පසුව 1437 වර්ෂයේ නොවැම්බර් 12 වන දින 6 වන හෙන්රි නම් ඉංග්‍රීසි රජුට පැරිස් නුවර අහිමි වීමෙන් ඇගේ අනාගත වාක්‍යය ඉටු විය. 

ඉංග්‍රීසිහු, ජොආනාට වේදභේද කාරියක්, බොරුකාරියක් යක්ෂ බලයෙන් 7 වන චාල්ස් රජුව අභීෂේක කළේ යැයිද කියමින් බොරු චෝදනා එල්ල කර ඇයව පුළුස්සා මැරීමට තීන්දු කළෝය. 

තමන් මරණය අභියස බව වටහා ගත් ජොආනා මහත් ඕනෑකමින් පාපොච්චාරණය කර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ  ලැබුවාය. 

අවි අමෝරාගත් වධඛ පිරිස ජොආනාව මරණ භූමියට ඇදගෙන ගියෝය.

ජොආනාව සුළු මොහොතකින් තාර තැවරූ දර කඳන් ගොඩ මැද සිටුවා පුළුස්සන බව දත් ජනතාව වහා රැස්වුවෝය.

ජොආනා ඔවුන් අමතා “ සොයුරු සොයුරියනි, මා වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඉල්ලමි” යැයි කීවාය. 

තවද එතුමිය තම විනිශ්චයකරු දෙස බලා “ මට දුන් අයුතු තින්දුවට දෙවිඳුන්ගේ කමාව ඔබට ලැබේවා” යැයි කීවාය.

ඇය දණ ගසා කඳුළු වගුරවා, ශුද්ධවූ ත්‍රීත්වයෙනී මාගේ ජේසුනී මට කරුණා කළ මැනව. මරිමව්නී මට පිහිට වුව මැනව.ශුද්ධවූ මිඛායෙල් තුමෙනී, ශුද්ධවූ කතරිනා තුමියෙනි හා ශුද්ධවූ මර්ගරීතා මුනිවරියනී මා වෙනුවෙන් දෙවිඳුන් යදින්න” යැයි කීවාය. 

තවද “ කරුණාකර මට පෙනෙන අයුරින් කුරුසිය අල්ලන්න” යැයි ජොආනා අසල සිටි පූජක දෙපලගෙන් ඉල්ලා සිටියාය.

වධකයෝ ඇයව දර සෑයේ වූ කණුවේ බැඳ ගිනි දැල්වූහ. 

ජොආනා ගිනි දළු නිසා නැගුණ දුමෙන් හුස්ම හිරවීමත් සමඟම, කුරුසිය දෙස සෘජුව නෙත් යොමා “ ජේසුන, ජේසුනී මාගේ ආත්මය ඔබගේ ශ්‍රී හස්ත වලට බාර කරමි” යයි පවසා නිහඬ වූවාය. 

ජොආනාගේ මරණ මොහොතේදී දර සෑයේ ගිනි මදි බව කියා තවත් දර දැමීමට ගිය හේවායෙක් සිහිසන් වූවේය.

ඇගේ මරණ මංචකයේදී දිලිසෙන ඉන්ද්‍රචාපයක් මෙන් එතුමියගේ ආත්මය මෝක්ෂ ගත වන අයුරු අසල සිටි ජනතාව දැක්කෝය. 

මෙලෙස ඇය 1431 වර්ෂයේ මැයි 30 වන දින ස්වර්ගස්ථ වූවාය.

වර්ෂ 1909 අප්‍රියෙල් මස 18 වන දින අති උතුම් 10 වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් ජොආනා ඩි ආර්ක් තුමියව භාග්‍යවරයට ඔසවන ලදි. 

1920 වන වර්ෂයේ මැයි 16 වන දින අති උතුම් 15 වන බෙනඩික් ශුදතුම් පියාණන් විසින් ඇයව සාන්තුවරයට ඔසවන ලදි. 

මැයි 30 වන දින ඇගේ මංගල්‍යය සමරනු ලබන අතර මෙතුමිය ප්‍රංශයේ දිවිපිදුවන්ගේද වහළුන්ගේද හමුදා නිලධාරින්ගේද සිරකරුවන්ගේද සොල්දාදුවන්ගේද ස්වෙච්ඡා සහ හදිසි සේවය සඳහා කැපවූ කාන්තාවන්ගේද කාන්තා හමුදා බලකාවලද අග්‍රදූතිකාව ලෙස කැප කර ඇත. 




Comments

Popular posts from this blog

The Sower and the Seed / වපුරන්නා හා බීජ

Parables Of JESUS ( ජේ සුගේ උපමා)                T h e S o w e r a n d t h e S e e d...            ව පු ර න් නා   හා බී ජ... O ne day Jesus told them the parable of the sower and the seed. දවසක් ජේසුස්  ව හන්සේ " වපුරන්නා හා බීජ" උපමාව ඔවුන්ට පැවසුවා. Once there was a man who went out to sow seed. වරක් එක් මිනිසෙක් බීජ වැපිරීමට ගියේය. As he scattered the seeds in the field, some of it fell along the path, and the birds came and ate it up. ඔහු බීජ කෙතේ විසිරුවද්දී එයින් සමහරක් මාර්ගය දිගේ වැටී වැටී ඇති අතර කුරුල්ලන් පැමිණ එය කෑවේය. Some of it fell on rocky ground, where there was little soil. The seeds soon sprouted, but because the soil wasn’t deep enough when the sun rose it burnt the young plants; and because the roots had not grown deep enough, the plants soon dried up. එයින් සමහරක් මද වශයෙන් පස් තිබු ගල් පොලොවේ  වැටී තිබුනි. පස ගැඹුරු නොවූ පසෙහි  බීජ ඉක්මනින් පැළවී ඇති නමුත්  මුල් ගැඹුරට වැඩී නොතිබූ නිසා හිරු නැඟෙන විට තරුණ පැළෑටි පිලිස්සී වියළී ගියේය. Some of the s

Saint Joan of Arc

Saint Joan of Arc  👉 ශාන්ත ජොආන් ඩි ආර්ක්   - Sinhalese 1.  Joan D Arc was born on January 6th 1412. 2. Joan is the youngest child of five children in the family. 3. She was born in Domari, a small village in the beautiful region of Champagne, in the  Mius  River in France . 4.  Her parents were poor but virtuous. But she was an obedient daughter for her parents. 5. Although she could not read or write because of poverty, she was very good at cooking and handicrafts.  6. Joan was a great light to the villagers from the day that she took the first Holy Communion.  7. Her favorite spot was a chapel in the woods that was dedicated to Our Lady. 8 When she finished her homework, she quickly went to the church to pray alone.  9.  She always spent a lot of time with God. But she never neglected to work with her father. And also she     did weeding and digging gardens, gathering and tending cows in the meadows.  10. When the beggars came to home she always gave money to them or if she had no